ලිපි අංක 3


හරි මම හිතනවා ඔයාල මම කලින් post එකේ කියපු DOS command ටික පුරුදු වෙලා ඇති කියල.
එහෙනම් අපි අද බලමු කොහොමද java file එකක් compile කරල run කරන්නේ කියල.



Java file එකක් Compile කිරීම

ඉස්සෙල්ලම command prompt එක open කරගන්න. open කරගෙන javac කියල type කරලා enter කරලා බලන්න java වැඩ කරනවද කියල.command prompt එකේ  එක දිගටම command කීපයක් display උනොත් වැඩේ හරි. හරියට මේ පහලින් තියෙන image එකේ වගේ(රූපය 1).


රූපය 1

හරි දැන් මෙන්න මේ පහලින් තියෙන command එක විදියට type කරලා enter කරන්න.

javac A.java

හරි මොකද උනේ. මුකුත් උනේ නෑ නේද. error එකක් නම් ආව නේද. බලන්න ආපු  error එක මේ වගේ එකක්ද කියලා(රූපය 2).

රූපය 2

බලන්න ආපු error එක ‘file not found A.java’ කියල එකක්ද කියල.

එහෙම එකක් නම් එකේ තේරුම තමයි java compiler එකට අපේ java file එක compile කරන්න හොයාගන්න බෑ කියන එක.ඒකට අපිට කරන්න තියෙන්නෙ අපේ java file එක තියෙන්නෙ කොහෙද කියල compiler එකට පෙන්නලා දෙන එකයි.එහෙනම් අපි අපේ java file එකේ path එක දෙමු.ඒ කියන්නේ ඔයාල compile කරන්න හදන java file එක තියෙන තැනේ උඩ address bar එකේ තියෙන path එක තමා දෙන්න ඕනි.

මේ බලන්න මගේ java file එක තියෙන්නෙ කොහෙද කියල.

D:\blog\example

D partition එකේ blog කියන folder එක ඇතුලේ තියෙන example  කියන folder එක ඇතුලේ තමයි මගේ java file එක තියෙන්නෙ.

හරි දැන් අපි එහෙනම් java file එකේ path එක set කරමු(රූපය 3).
රූපය 3
   
හරි දැන් ආයෙත් javac A.java කියල type කරලා enter කරලා බලන්න.

මගේ file එකේ පොඩි error එකක් ආව.වැරදීමකින්  class කියන එකේ c අකුර capital විදියට type කරලා.මේ බලන්න ආපු error එක(රූපය 4).

රූපය 4

c අකුර simple විදියට type කරලා වැරැද්ද හදපු code එක තමා මේ තියෙන්නෙ.ඒ code එකේ තව වැරැද්දක් තියෙනවා.public කියන එකේ p අකුරත් simple වෙන්න ඕනේ.
(රූපය 5).

රූපය 5

හරි දැන් හරියට file එක compile උනා නම් මේ වගේ තමා command prompt එක තියෙන්න ඕනි(රූපය 6).

රූපය 6


Java file එකක් Run කිරීම

file එක හරියට compile උනානම් කිසිම error එකක් තියෙන්න බෑ.

දැන් file එක run කරන්න java A කියල type කරලා enter කරන්න(රූපය 7).

රූපය 7

file එක හරියට run උනානම් System.out.prinln(); කියන command එක ඇතුලෙ තියෙන Hello java වචන දෙක print වෙන්න ඕනි(රූපය 8).

රූපය 8

 එහෙම උනානම් ඒ කියන්නේ file එක හරියට run වෙලා. ඒ කියන්නේ දැන් ඔයාල හරියටම දන්නවා කොහොමද java file එකක් compile කරලා run කරන්නේ කියල.
අද කරපු පාඩම ගැන ප්‍රශ්ණ මොනවා හරි තියෙනවා නම් පහලින් ඒ ප්‍රශ්ණ comment කරන්න.


Comments

Popular posts from this blog

ලිපි අංක 5 - Declarations and Access Control ( Part I )