ලිපි අංක 5 - Declarations and Access Control ( Part I )

මොනව කරන්නත් class එකක් කියන්නෙ මොකක්ද object එකක් කියන්නෙ මොකක්ද කියල හරියටම දැනගෙන ඉන්න ඕනෙ.

class එකක් කියන්නෙ මොකක්ද ඇත්තට ??

class එකක් කියන්නෙ object එකක තියෙන්න ඕන මොන විදියෙ අංග ලක්ෂනද සහ මොන විදියෙ හැසිරීම්ද කියන එක විස්තර කරන template එකක්.

එතකොට object එක ??

object එක කියන්නෙ ඒ template එක පාවිච්චි කරල ප්‍රයෝජනයක් ගන්න පුලුවන් විදියට හදන class එකේ instance එකකටයි. හරි කාටවත් තේරුනේ නෑනෙ නේ,. ඕක අපිට මෙන්න මෙහෙම පැහැදිලි කර ගන්න පුලුවන්.





ඔය රූපෙ තියෙන්නෙ මොකක්ද කියල ඇහුවොත් කියන්න පුලුවන්ද ??

ඔය තියෙන්නෙ බයිසිකලේක blue print එකක්. 

මොකක්ද blue print එකක් කියන්න්නෙ ?? 

blue print එකක් කියන්නෙ ඒ බයිසිකලේ හදන්න ඕන කොහොමද, ඒකෙ handle එක තියෙන්නෙ ඕන කොහොමද , ඒකෙ paddle තියෙන්න ඕන කොහොමද, ඒකෙ seat එක තියෙන්න ඕන කොහොමද කියල අපි මුලින් හිතල, බයිසිකලය තියෙන්න ඕන මේ විදියට කියල අපි හදන template එකකට තමා blue print එකක් කියන්නෙ. 

අපිට ඔන්න ඔය blue print එකට class එකක් කියල කියන්න පුලුවන්, එතකොට object එක.. object එක තමා ඔය blue print එක පාවිච්චි කරල හදන ඇත්තම බයිසිකලේ. 

දැන්නම් ඉතින් ටිකක් තේරෙන්න ඕනෙ. ඉතින් java program එකකත් ඔය ටිකම තමා වෙන්නෙ,object එකක ගති ලක්ෂන බලලා class එක හදනවා, ඒ හදපු class එකෙන් වැඩක් ගන්න පුලුවන් විදයට object එකක් හදලා program එක ඇතුලෙ වැඩ ටික කරව ගන්නවා.

Comments

Popular posts from this blog