ලිපි අංක 1
ආදරණිය සහෝදරයා සහෝදරිය, මේ මම ලියන මගේ පලවෙනි post එක වගේම මගේ පලවෙනි blog එක.ඉස්සෙල්ලම මම මේ blog එකේ අරමුණ පැහැදිලි කරල දෙන්නම්. ඔයාල දන්නවා java ගැන ලියපු, ලියන, java උගන්වන blog ඕනතරම් තියෙනව කියල. මගේ blog එකත් ඒවායින් එකක් තමා, හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මගේ blog එකේ අරමුණ තමා ocjp exam එකට ලෑස්ති වෙන එක.
මමත් තවම exam එක ලියලා නෑ. ලියන්න තමා ඉන්නෙ. මේක ලියන්නෙ මගේ දැනුම වගේම ඔයාලගේ දැනුමත් වඩා ගන්නයි. ඒක නිසා සමහරක් වෙලාවට පොඩි පොඩි වැරදී වෙන්න පුලුවන්. එහෙම වැරදී දැක්කොත්,ඒ වැරදී පෙන්නන්න. තව යෝජනා, චෝදනා, ප්‍රශ්න එහෙම තියෙනවනම් ඒවත් කියන්න.
හරි අපි එහෙනම් වැඩේ පටන් ගමුද.
java install කරන්නේ කොහොමද?
java install කරනවා කියල කරන්නේ java development kit(JDK) එක install කරන එකයි.පහල තියන link එකෙන් jdk එක download කරලා install කර ගන්න පුළුවන්.
http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html
හරි jdk එක install කරාට පස්සේ අපිට පුළුවන් code ලියන්න පටන් ගන්න.code practice කරන්න notepad, එක eclipse,netbeans වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හොදට code practice කරන්න නම් notepad එක පාවිච්චි කරනවානම් තමා හොද.
එ්ක නිසා මෙතනින් එහාට code ලියන්න notepad එකත් programs run කරන්න command prompt එකත් පාවිච්චි කරමු.
path එක set කරමු
හරි මෙතනදී වෙන්නේ මෙහෙම වැඩක්.අපි ලියන codes run වෙන්නේ java virtual machine(JVM) එකේ. ඒක හරියට අපේ machine එක ඇතුලෙ තියෙන java machine එකක් කියල හිතන්නකෝ. එතකොට අපි notepad එකේ ලියන codes මේ machine එකට ගිහින් දෙනවා run කරලා දෙන්න කියල. ඒක කරන්න නම් අපි අපේ machine එකට කියන්න ඕනි java machine එක තියෙන්නේ කොහෙද කියල.
ඒක කරන ආකාර දෙකක් තියෙනවා.
1.තාවකාලිකව path එක set කිරීම
2.ස්ථීරවම path එක set කිරීම
තාවකාලිකව path එක set කිරීම
තාවකාලිකව path එක set කරනවානම් ඉස්සෙල්ලම අපි command prompt එක open කර ගන්න ඕනි. ඊට පස්සේ ඒකෙ path= කියල type කරලා එතනට jdk එකේ bin folder එකේ address එක දෙන්න ඕනි. c එකේ java folder එක ඇතුලේ jdk folder එක ඇතුලට ගිහින් bin folder එක ඇතුලට ගිහින් උඩ address bar එකේ address එක දුන්නනම් හරි. ඊට පස්සේ Enter ගහන්න.
![]() |
| රූපය 1 |
ඊට පස්සේ javac type කරලා Enter ගහල බලන්න පල්ලෙහා රූපයේ තියෙන විදියට command prompt එකේ line ගොඩක් print උනොත්, වැඩේ හරි.
![]() |
| රූපය 2 |
ස්ථිරවම path එක set කරපුවම තියෙන වාසිය තමා සැරින් සැරේට කලින් වගේ path එක set කර කර ඉන්න ඕනි නෑ. ඒ කියන්නේ command prompt එක open කරලා කෙලින්ම java file compile කරලා run කරන්න පුළුවන්.
හරි අපි එහෙනම් බලමු මේ වැඩේ කරන්නෙ කොහොමද කියලා.
- ඉස්සෙල්ලම control panel එකට යන්න.
- ඊට පස්සේ එතන තියන System And Security කියන එක click කරන්න.
- ඊට පස්සේ එන box එකේ තියෙන System කියන එක click කරන්න.
- ඊට පස්සේ එයි ඔයාලගේ computer එකේ විස්තර තියෙන box එකක්.(ඔය box එක my computer උඩ right click කරල properties click කරලත් ගන්න පුළුවන්. )
![]() |
| රූපය 4 |
ඒ box එකේ යටම තියෙන Environment Variables කියන button එක click කරන්න. එහෙම click කලාම user variables, system variables කියල box දෙකක් ඇවිල්ල තියෙනවා පේනවද?
මෙන්න මේ විදියට.
![]() |
| රූපය 5 |
අන්න ඒ box දෙකෙන් user දෙකෙන් user variable කියන box එකේ යට තියෙන New කියන button click කරන්න. එහෙම කරපුවහම බලන්න මේ වගේ එකක් එනවද කියල.
![]() |
| රූපය 6 |
variable name : path
variable value : C:\Program Files\Java\jdk1.8.0_60\bin;
කියල type කරන්න.
සැ.යු : variable value එකට දෙන්න ඕනි c එකේ java folder එක ඇතුලේ jdk folder එක ඇතුලේ bin folder එක ඇතුලට ගිහින් උඩ address bar එකේ address එකයි.
![]() |
| රූපය 7 |
system properties box එකත් OK කරන්න. දැන් වැඩේ හරි. sure නැත්නම් command prompt එකේ path මුකුත් set කරන්නැතුව javac කියල ගහල බලන්න. එහෙමත් නැත්නම් මුකුත් ඕනි නෑ කෙලින්ම java file එකක් compile කරලා බලන්න.







එල... එල.... කොල්ලෝ.... වැඩේ නියමයි.... නවත්තන්නේ නැතිව දිගටම කරගෙන පලයන්....
ReplyDelete