ලිපි අංක 2 

හරි, ඒ උනාට අපි තාම java file එකක් run කරන්න දන්නෙ නැනේ.දැනට මම කියල දෙන්නම් කොහොමද java file එකක් run කරන්නේ කියල.පස්සේ බලමු හරියටම code එකක් ලියන්නේ කොහොමද කියල.


ඉස්සෙලම notepad එක open කරලා මේ code එක notepad එකේ type කරන්න.



Type කරලා ඉවර වෙලා ඔය කැමති තැනක file එක save කරන්න. හැබැයි save කරන කොට A.java කියල save කරන්න.file එකේ නම තමා A , file extension එක තමා ‘.java ‘.

හරි දැන් command prompt එක open කරගන්න. හරි දැන් අපිට එක පාරටම java file එක run කරන්න බෑ. ඒකට අපි command prompt එකට පාර පෙන්නන්න ඕනෙ java file එක තියෙන තැනේ.

හරි එක කරන්න නම් අපි command prompt එකේ භාවිතා වෙන විධාන(DOS command) ටිකක් තියෙනවා, ඒ ටික ටිකක් පුරුදු වෙන්න වෙනවා.    

DOS Commands

ඉස්සෙල්ලම ඔයාලගේ command prompt එක open කරගන්න. command prompt එක open වෙන කොටම ඔයාල ඉන්නේ C directory එක ඇතුලෙ. C එකේ ඉදන් ඔයාලට ඕන directory එකකට යන්න එන්න පුළුවන්.

ඔයාට desktop ඒකට යන්න ඕනෙ නම් command prompt එකේ cd desktop කියල type කරලා enter කරන්න.


enter කලාම ඔයාල යනවා desktop එකට.


දැන් ඔයා ඉන්නේ desktop එකේ.

හරි දැන් ඔයාට C එකේ ඉදන් D ඒකට යන්න ඕනෙ කියල හිතන්නකො, එක කරන්නෙ මෙහෙම. command prompt එකේ D: කියල type කරලා enter කරන්න.


enter කලාම ඔයාට පුළුවන් D ඒකට යන්න.


දැන් ඔයා ඉන්නේ D එකේ.

හරි දැන් බලමු D එක ඇතුලේ තියෙන folder එකකට යන්නේ කොහොමද කියල.

D එක ඇතුලේ තියෙන Activity folder එක ඇතුලේ තියෙන my blog folder එක ඇතුලේ තියෙන codes කියන folder ඒකට යන්න ඕනෙ කියල හිතන්න(D:\ICT\Activities\my blog\codes). codes folder ඒකට යන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා.

ඉස්සෙල්ලම අපි folder එකෙන් folder එක ඇතුලට යමු.

command prompt එකේ D එකේ ඉන්න තැන ඉදන් cd ICT කියල type කරලා enter කලාම ICT folder එක ඇතුලට යනවා.cd Activity කියල type කරලා enter කලාම Avtivity folder ඒකට යනවා.ඔය විදියට cd my blog කියල සහ cd codes කියල type කරලා enter කලාම codes folder ඒකට යන්න පුළුවන්.


මෙහෙම ටික ටික යන්නෙ නැතුව එකපාරම codes folder එකට යන්න පුළුවන්.

මේ තියෙන්නෙ codes folder එකේ address එක D:\ICT\Activities\my blog\codes.ඒක මේ විදියට copy කරලා ගන්න.


command prompt එකේ C directory එකේම  cd D:\ICT\Activities\my blog\codes කියල type කරලා(උඩින් copy කරපු address එක paste කරන්න.command prompt එකේ short cut  වැඩ කරන්නේ නෑ. එක නිසා right click කරලා paste කරන්න.) enter කරන්න. එහෙම enter කලාම මුකුත් වෙනසක් වෙන්නේනැති වෙයි.හැබැයි command prompt එක path එක set කරගෙන තමා ඉන්නේ. දැන් D: කියල type කරල enter කරලා බලන්න codes folder එකට ගිහින් ඇති.

 මේකම තව විදියකට කරන්න පුළුවන්.

මේ ක්‍රමේදී අපි command prompt එක මුලින්ම open කරන්නේ නැ.

ඔය ඉස්සෙලම යන්න codes folder එක ඇතුළට, ඇතුළට ගිහින් shift එක ඔබාගෙනම(press කරගෙනම) right click කරන්න.එහෙම කලාම එනේ පොඩ් box එකේ තියෙන open command window here කියන එක click කරන්න.


open command window here කියන එක click කලාම මෙහෙම තමා command prompt එක open වෙන්නෙ. 


ඔය මම කියපු විධි වලට අපිට ඕන කරන folder ඇතුලට යන්න පුළුවන්. හිතන්න ඔයාට folder එකක් ඇතුලේ ඉදන් එලියට එන්න  ඕනෙ කියල, එක කරන්නේ මෙහෙමයි.

cd .. කියල type කලාම folder එකක් පස්සට එන්න පුළුවන්.

Comments

Popular posts from this blog

ලිපි අංක 5 - Declarations and Access Control ( Part I )